ඇඹිලිපිටිය හිටපු A S P අත්අඩංගුවට - පොලිසිය තහවුරු කරයි

Tuesday, 02 February 2016 - 14:19

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+A+S+P+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පොලීසිය සමඟ ගැටුමකදී ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න මියයෑමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඞී.සී. ධර්මරත්න අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.

ඒ,  ඔහුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුවයි. අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුලූ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසද පසුගියදා අධිකරණය නියෝග කළා.

මේ අතර මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ පොලිසියෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු  09 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

ඇඹිලිපිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට අනුව ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබඳ මතුව ඇත්තේ දැඩි කතාබහක්.

සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා, ස්ථානාධිපතිවරයා ඇතුළු සියලූ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළා.

අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කර තිබියදීත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා පසුගියදා , පොලිස් මූලස්ථානයට අනුයුක්ත නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට මාරුකර යැවුනා.


විසිනව හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ දී සාක්කි දුන් මියගිය අයගේ බිරිඳගේ සාක්කියෙන් අනාවරණය වූ සැකකාර පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු පසුගිය 27  නියෝග කළේ.

මරණකරුගේ විවාහක ගැබිනි බිරිඳ වූ ශෂිකා නිශාමනී මුණසිංහ පැය එක හමාරක් පමණ  සාක්කි ලබා දී තිබෙනවා. ඇය පවසා ඇත්තේ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා -  සිය සැමියාට මරණය ගෙන දුන් පහර දීමේ සිද්ධියට පැමිණි බව තමා හඳුනා ගත් බවයි.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සඳහන් කළේ මෙම සිද්ධියේ සැකකරුවන්  අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුව ඇති බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් පැවසුවේ මරණ පරීක්ෂණයක දී අපරාධයක් සිදු වී ඇති බවට සාක්කියකින් සැකයක් මතු වන්නේ නම් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවයි.

ඒ අනුව සාක්ෂිවලින් අනාවරණය වු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ අතර නඩුවක දී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර යුක්තිය ඉටු වන බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ පවසයි.