නැවක ගැටුණු බෝට්ටුවේ සිටි ධීවරයන් පස්දෙනාගේ සිරුරු සොයාගනී

Tuesday, 02 February 2016 - 17:00

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ගාල්ල වරායෙන් මුහුදු ගොස් වෙළඳ නැවක ගැටී අනතුරට පත්වූ බෝට්ටුවක සිට අතුරුදන්වූ ධීවරයන් පස්දෙනාගේ සිරුරු නාවික හමුදාව අද සොයාගත්තා.

ඒ, සාගර පුතා - 3 නැමති මෙම බෝට්ටුව අනතුරට පත්වූ කුඩා රාවණා කොටුව මුහුදු තීරයට සැතපුම් 40 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදියි.

පෙරේදා රාත්‍රියේ මෙම බෝට්ටුව අදාළ අනතුරට මුහුණදුන් අතර, එක් ධීවරයෙකුගේ දිවි ගලවාගැනීමට වෙනත් බෝට්ටුවක සිටි ධීවරයන් පිරිසක් සමත්වුණා.

අතුරුදන්ව සිටි ධීවරයන් ජාඇල, රත්ගම සහ කහව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම බෝට්ටු අනතුර වාර්තාවීමෙන් පසු නාවික හමුදාව අතුරුදන්වූ ධීවරයන් සොයා කඩිනම් මෙහෙයුමක් ආරම්භ කළා.

ඊට ඩෝරා යාත්‍රා දෙකක් සහ කිමිදුම්කරුවන් පස්දෙනෙකු යෙදවූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

මේ වනවිට ධීවරයන්ගේ මෘත ශරීර ගාලූ වරාය වෙත රැගෙන එමින් පවතිනවා.



මැතිවරණයේ නිහඩ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්
Tuesday, 04 August 2020 - 10:36

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි,... Read More

අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More