අනතුරු ඇගවීමෙන් කටුනායකත් සීරුවෙන්

Wednesday, 03 February 2016 - 9:21

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
බ්‍රසීලය ඇතුළු ලතින් ඇමරිකානු රටවල සීග්‍රයෙන් පැතිර යන සීකා වෛරසය රට තුළට ඒම වැළැක්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ සූදානම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම වෛරසය සම්බන්ධයෙන් දැනුවත් කරමින් සියලූ සෞඛ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක් ද යොමු කර ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්  සීකා වෛරසය සම්බන්ධයෙන් හදිසි ආපදා තත්ත්වයක් ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.