ඇඹිලිපිටියේ සිද්ධියට ASP රිමාන්ඩ්

Wednesday, 03 February 2016 - 11:08

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A++%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+ASP+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකදී ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න මියයෑමේ සිද්ධියට අදාළව ඊයේ  අත්අඩංගුවට ගත් ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.සී. ධර්මරත්න ලබන 17 දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙයි. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය ලබා දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළා.

 ඊයේ දිනයේ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගනු ලැබුවා. අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුලූ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසද පසුගියද 27 වනදා අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබුණා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ අධිකරණ නියෝගයෙන් දින 5 කට පසුවයි.

 මේ අතර මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ පොලිසියෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු  09 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. එසේම මෙම සිදුවීමේදී පොලිස් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකුද රුපියල් ලක්ෂ 30 බැගින් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානමින් සිටිනවා.

 මෙම සිද්ධියට අදාළව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයාට මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙරේදා දිනයේද පෙත්සමක් ඉදිරිපත් කෙරුණා. එම පෙත්සම ගොනු කරනු ලැබුවේ ද අදාළ සිද්ධියෙන් මිය ගිය සුමිත් ප්‍රසන්නගේ  බිරිඳ වන නිශාමනී මුණසිංහ විසින්.





ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More