කෙහෙළිය රඹුක්වැල්ල යාපනය අධිකරණයේ

Wednesday, 03 February 2016 - 13:06

%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල අද (03) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියා.

ඒ අතුරුදන්ව සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු වන ලලිත් කුමාර වීරරාජ් සහ කුගන් මුරුගන් සම්බන්ධයෙන් වන නඩු විභාගය සඳහා පෙනී සිටීමටයි.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති නම් කර තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 13 වනදා ඔවුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා. කෙසේ වෙතත්, එදින අධිකරණයට පැමිණ සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පමණයි.

ඒ අනුව, අධිකරණයට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළ අතර, ඒ අනුවයි ඔහු අධිකරණයට පැමිණියේ.  

මෙම නඩුව මැයි මස 13 වැනිදා යළි කැඳවනු ඇති.