වරාය සේවකයන් පිරිසක් වර්ජනයේ

Wednesday, 03 February 2016 - 13:26

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
වරාය පිවිසුම් ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට සාර්ථකව දියත් වන බව වරාය භාවිතා කරන්නන්ගේ සංගම් එකමුතුව ප්‍රකාශ කළා.

අද (03) උදෑසන ආරම්භ කළ මෙම සංකේත වර්ජනය සඳහා එක්ව සිටින්නේ බහාලූම් රථ සේවකයින්, ලොරි රථ රියදුරන්, සහායකයින්, වාප්පු නියෝජිතයින්, ලිපිකරුවන් සහ උප කොන්ත්‍රාත්කරුවන්.

වරායට පිවිසෙන ගාස්තු සියයට 4000 කින් ඉහළ නැංවීම නිසා තමන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි වරාය භාවිතා කරන්නන්ගේ සංගම් එකමුතුවේ කැඳවුම්කරු බී.අයි. ආබ්දීන් ප්‍රකාශ කළේ.

වාප්පු නියෝජිතයින් වර්ජනයට එක්ව සිටියද රේගු කටයුතුවලට බාධා සිදුව නොමැති බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී සඳහන් කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව වරාය අධිකාරියෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වර්ජනය නිසා වරායේ මෙහෙයුම් කටයුත්තු වලට බාධා එල්ල වී නොමැති බවයි.

 


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More