එක්සත් ජාතික පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ගිවිසුම්ගත වෙයි

Wednesday, 03 February 2016 - 14:57

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සාමුහික ගිවිසුමට අත්සන් කිරීම අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණා.

එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගිවිසුමට අත්සන් කළ අතර, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් එහි නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා ඊට අත්සන් කළා.   

දෙපාර්ශවය අතර සාමුහික ගිවිසුමට එළැඹීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ ඉදිරියේදී තමන් වෙත භාරදෙන තනතුරු, දේශපාලන වගකීම් ප්‍රතික්ෂේප නොකරන බවයි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රට තුළ නව දේශපාලන ගමනක් ගොඩනැගී ඇති බවයි.

නිදහස් දිනයේදී ජාතික කොඩිය එසවීමෙන් වළකින ලෙස ප්‍රකාශ කරන ඇතැම් දේශපාලනඥයින්ටද ඔහු එහිදී විරෝධය පළ කළා.

මේ අතර, එම අවස්ථාවට එක්ව සිටි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය කබීර් හෂීම්ගෙන් මාධ්‍යවේදීන් මෙම සාමුහික ගිවිසුම සම්බන්ධයෙන් විමසා සිටියා.

ඔහු කියා සිටියේ ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණට පොදු ව්‍යවස්ථාවක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම හිටපු අමාත්‍ය එම්.කේ.ඞී.එස්. ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කරන තැනැත්තා පිළිබඳ අවසන් තීරණය ලබන 8 වනදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.