මහ ඇමති අල්ලන්නැයි වරෙන්තු

Wednesday, 03 February 2016 - 14:58

%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර අද (03) නියෝගයක් නිකුත් කළා. ඒ, නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

පසුගිය වසරේ ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්දදායකයින්ට බලපෑම් වන ආකාරයට අත්පත්‍රිකා බෙදාහැරි බවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කාර්යාල කාර්ය සහයකයෙකුට එරෙහිව චෝදනා එල්ල වනවා.

ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා පෙනී නොසිටියත් චෝදනා ලැබූ අනෙක් විත්තිකරුවන් දෙදෙනා අධිකරණයට පැමිණ සිටියා. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා මේ දිනවල විදේශ සංචාරයක නිරතව සිටින බැවින් අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බවයි.

මෙම නඩුව  මැයි මස 11 වනදා යළි කැඳවනු ඇති.