තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

Wednesday, 03 February 2016 - 15:25

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් කන්කසන්තුරෙයි පොලිස් සේවස්ථ පුහුණු ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා මඩකලපුවේ පෞද්ගලික බැංකුවක් තුළදී තම මුදල් පසුම්බිය සොරකම් කර ඇති බවට පැමිණිලි කර තිබුණේ අම්පාර - එරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගයකට අනුව මඩකලපුව පොලිසිය විමර්ශනයක් සිදුකළා.

සී.සී.ටී.වී කැමරා උපයෝගි කර ගනිමින් සිදුකළ විමර්ශනයේදී තහවුරු වුණේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සිද්ධියට සම්බන්ධ බවයි.

ඒ අනුව, ඊයේ ඔහු මඩකලපුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මඩකලපුව දිසා විනිසුරු එම්.ගනේෂ රාජා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.