'එකම දැයක් - මහ බලයක්'- ජාතික නිදහසේ 68වන අභිමන

Thursday, 04 February 2016 - 0:01

%27%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%27-+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+68%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B6%B1
‘‘එකම දැයක් මහ බලයක්’’ යන්න තේමා කරගනිමින් 68 වන ජාතික නිදහස් දින උළෙල අභිමානවත් අයුරින් අද පෙරවරුවේ ගාලූ මුවදොර පිටියේදී පැවැත්වුණා.

නිදහස් උළෙලට විශේෂ ආරාධිතයන් පැමිණීම උදෑසන 8යි 30ට පමණ ආරම්භ වූ අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය බස්නාහිර ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පළමුව  නිදහස් දින සමරු උළෙලට එක්වුණා.

ඉන් අනතුරුව අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ කථානායක කරූ ජයසුරිය උත්සව සභාවට පැමිණි අතර පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අවස්ථාවට එක්වුණා.

ඉන් අනතුරුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිදහස් දින සමරු උළෙලට සහභාගි වූයේ.

ජනාධිපතිවරයාගේ සුරතින් ජාතික ධජය එසවීමෙන් අනතුරුවයි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජාතික ගීය ගායනා කළේ.

ඉන් අනතුරුව මියගිය රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවති අතර පසුව ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර 21 ක් පිරිනමනු ලැබුවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය ඇමතුවේ ඉන් අනතුරුවයි.

ජනාධිපතිවරයා සිය කථාව ආරම්භ කළේ 1948 වසරේදී ජනතාව අපේක්ෂා කළ නිදහස සහ වර්තමානයේ ජනතාව අපේක්ෂා කරන නිදහස පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුකරමින්.

රටේ ස්වාධීනත්වය  සහ භෞමික අඛන්ඩතාවය ආරක්ෂා කරමින් ජිනීවා යෝජනා ඉටු කරන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ගතවූ වසරක කාලයේදී රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හැකිවූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා මේ වනවිට මාධ්‍ය නිදහස උච්චතම අවස්ථාවට පැමිණ ඇති බව කියා සිටියා.

ලබාදී ඇති නිදහස භුක්ති විඳීමේදි බුද්ධිමත්ව සහ ඉවසීමෙන් කටයුතු කරන ලෙස දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවධාරණය කළේ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ යුගයක සියලූ දෙනා ජීවත් වන බවයි.

ජාත්‍යන්තරය හමුවේ ඉවසීමෙන් සහ සංයමයෙන් කටයුතු කර රටේ ගෞරවය ආරක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සදහන් කළා.

ගෞරවය රැකගෙන සංහිදියාව ශක්තිමත් කරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිදහස් දින කතාවෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලිය ආරම්භ වුණා.

ඊට ගුවන් - නාවික සහ පැරිෂුට් සංදර්ශනයක්ද ඇතුළත් වුණා.

මෙවර නිදහස් දින උළෙලේ අවසානය සනිටුහන් කෙරුණේ ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන්. 

මේ අතර ජාතික නිදහස් දින උළෙලට සමගාමීව දිවයින පුරා නිදහස් දින සමරු පැවැත්වුණා.



UPDATE:

68 වැනි ජාතික නිදහස් සමරුව අද (04) යි. 'එකම දැයක් - මහ බලයක්' යන තේමාව යටතේ මෙවර ජාතික  නිදහස් සමරුව පැවැත්වෙයි.  ජාතික උලෙළ ගාලු මුවදොර පිටියේදී අතිඋත්කර්ෂවත් ලෙස  පැවැත්වේ.

ප්‍රධාන උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කෙරෙයි. ත්‍රිවිධ හමුදා හා පොලිස් ආචාර පෙළපාළි මෙන්ම  දේශීයත්වය පිළිඹිබු කෙරෙන විශේෂාංග සහ  සංදර්ශනවලින් ජාතික උළෙල සමන්විත වෙයි.

ජාතික නිදහසේ අභිමන - සජීවී විකාශය - ගාලුමුවදොර සිට......මෙතැනින්



උදෑසන 6.30ට බෞද්ධ ආගමික වතාවත් කොළඹ පොල්වත්ත ධර්මතීර්ත්‍යාරාම විහාරස්ථානයේදී ද හින්දු ආගමික වතාවත් කොළඹ 13 ශ්‍රී පොන්නම්බල වානේශ්වර කෝවිලේ දී ද, ඉස්ලාම් ආගමික වතාවත් මරදාන ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී ද, කතෝලික දේව මෙහෙය බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී ද ක්‍රිස්තියානි දේව මෙහෙය ක්‍රිස්තියානි රෙපරමාදු දේවස්ථානයේදී ද පැවැත්වෙයි.

නිදහස් උත්සවයට සමගාමීව නිදහස් චතුරස්‍රයේ පිහිටි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීමේ කටයුතු  උදෑසන 7.30ට ට පැවැත්වෙයි.

'නිදහසේ හදගැස්ම' සංස්කෘතික සංදර්ශනය ගාලු මුවදොර පිටියේදී රාත්‍රී 7.00 ට ආරම්භ කෙරෙයි.  නැටුම්, ගැයුම් ඇතුළත් සංස්කෘතික සංදර්ශනය රාත්‍රී 10.30 දක්වා පැවැත්වේ.




මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:12

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More