වරද හෙළිකරයි

Thursday, 04 February 2016 - 7:33

%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නීතිවිරෝධී ධීවර පන්නක්‍රම වන ලයිලා සහ සුරුක්කු දැල් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව ධීවර අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ මස 21 වනදා සිට මෙම පන්න ක්‍රම යොදාගනිමින් මසුන් මැරීම තහනම් වනු ඇති.

මේ අතර නීතිවිරෝධී ධීවර ක්‍රම යොදාගැනීමට විරෝධය පළ කරමින් පසුගිය සඳුදා මීගමුව නගරයේදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.

එහිදී ධීවර වෘත්තීය සමිති නියෝජිතයන් ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවකට එකඟ වූ අතර, එම සාකච්ඡාව කොළඹදී ඊයේ පැවැත්වුණා.

සාකච්ඡාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ලයිලා සහ සුරුක්කු ක්‍රමය සම්පූර්ණයෙන් තහනම් කර තිබුණත් අලූගුඩු පන්න ක්‍රමය සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීමේදී අමාත්‍යාංශ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ධීවර සමිති නියෝජිතයන්ගෙන් විමසීමක් කළා.

එහිදී අදහස් දැක්වූ හලාවත ධීවර සමිතියේ සභාපති රෝෂන් ප්‍රනාන්දු සඳහන් කළේ පැවති සාකච්ඡාවලින් සතුටුදායක පිළිතුරක් නොලැබුණු බවයි.