සකර්බර්ග් උඩ යයි

Thursday, 04 February 2016 - 10:20

%E0%B7%83%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලොව ධනවත්ම පුද්ගලයන් අතර හතරවන ස්ථානය වෙත මාර්ක් සකර්බර්ග් පැමිණ තිබෙනවා.

මොහු මීට පෙර රැදී සිටියේ ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ 6වන ස්ථානයේ .

කෙසේවෙතත්  Bloomberg Billionaire Index අනුව පෙන්වා දී ඇත්තේ ඔහුගේ වත්කම ඩොලර් බිලියන 50 ඉක්මවා යන බවයි.

මාසයක කාල සීමාව තුල  Facebook කොටස් සියයට 9.6කින් වැඩි වී තිබෙනවා.
 
2016 වසර ආරම්භයේ පටන් සකර්බර්ග් ශක්තිමත් ස්ථාවරයක සිටි බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දී  ඇත්තේ.

31 හැවිරිදි ඔහුගේ ව්‍යාපාර පිළිබද විශිෂ්ටත්වය මේ වන විට ලොව පුර ඇගයුමට ලක් වීම විශේෂ වනවා.

ඩොලර් බිලියන 78ක වත්කමක් හිමි Bill Gates ධනවතුන්ගේ ලයිස්තුවේ පෙරමුණේ රැදී සිටිනවා.