බයික් ත්‍රීවීල් හැප්පූ බසය ATM එකත් කඩයි - දැරියක් ඇතුළු 3කට බරපතලයි (ඡායාරූප)

Thursday, 04 February 2016 - 10:47

%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B7%93%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA++ATM++%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය පලාලි මාර්ගයේ දී පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝද රථයක් හා යතුරුපැදියක් අනතුරට ලක් වීමෙන් 5 හැවිරිදි දැරියක් ඇතුලු තිදෙනෙකු බරපතල  තුවාල ලබයි.

කෝපායි පෙලීසිය පැවසුවේ අනතුර  ඊයේ (03)  සිදුව  ඇති බවයි.

පෞද්ගලික බස් රථය ලංගම බස් රථයක් පසුකර යාමට ගත් උත්සහයකදී වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ පෞද්ගලික බස් රථය  ත්‍රී රෝද රථයක හා යතුරු පාපැදියක ගැටී බැංකුවක  ඒ.ටී.එම්. යන්ත්‍ර කුටියකට ගැටී ඇත.  

බස් රථය ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි  5 හැවිරිදි දැරියක් ඇතුලු තිදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කොට තිබේ.  බස් රථය ගැටීම හේතුවෙන් යතුරු පැදි කිහිපයකටද ඒ.ටී.එම්. කුටියද දැඩි ලෙස හානි සිදුවී ඇත.  

   

 (ඡායාරූප - රොමේෂ් මධුෂංඛ)