උණ පඳුරට ගිනි අවුලයි(ඡායාරූප)

Thursday, 04 February 2016 - 11:09

%E0%B6%8B%E0%B6%AB+%E0%B6%B4%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගින්නක් හේතුවෙන් හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට අද උදෑසන බාධා එල්ලවුණා.

පොලීසිය සඳහන් කළේ දික්ඔය - වනරාජ පාලම අසල මාර්ගය ආසන්නයේ ඇති උණ පඳුරකට කිසියම් පිරිසක් ගිනි තැබීම හේතුවෙන් එම උණ පදුර ප්‍රධාන මාර්ගයට කඩාවැටී ඇති බවයි.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මේ වනවිට ගින්න මැඩපැවත්වා තිබෙනවා.

එමෙන්ම ගින්නෙන් මාර්ගයේ ඇද තිබූ දුරකථන රැහැන් පද්ධතියටද අලාභහානි සිදුව ඇති බව සඳහන්.



(ඡායාරූප- රංජිත් රාජපක්ෂ)