ලලිත් කොතලාවලගේ බිරිඳ කටුනායකදී අත්අඩංගුවට

Thursday, 04 February 2016 - 18:29

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ප්‍රකට ව්‍යාපාරිකයකු වු ලලිත් කොතලාවලගේ බිරිඳ වන සිසිලියා කොතලාවල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ලන්ඩන් නුවර සිට අද පස්වරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේදීයි.

අද පස්වරු 4.10 ට පමණ ලන්ඩන් නුවර සිට ඩුබායි හරහා  මෙරටට පැමිණි යානයකින් ඇය දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සිසිලියා කොතලාවල වැඩිදුර විමර්ශණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

ගෝල්ඞ් කී මූල්‍ය වංචාව ඇතුළු කරුණු කිහිපයක්  සම්බන්ධයෙන් ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණා.

ගල්කිස්ස අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව අද ඇයව අත්අඩංගුවට ගත් බවයි ආගමන, විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.