ඉන්දු - ශ්‍රී ලංකා හිරිගල්පාලම විනාශ නොකරන බවට ඉන්දීය රජයෙන් සහතිකයක්

Friday, 05 February 2016 - 11:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුද යටින් පවතින බවට සැලකෙන රාම් සේතු ලෙස හඳුන්වන පුරාතන හිරිගල් පාලමට හානියක් සිදුනොකරන බවට ඉන්දීය රජය සහතික වී ඇතැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශ කළා.

ඒ බව ප්‍රකාශ වූයේ පෝක් සමුද්‍ර සන්ධිය කැණ නෞකා ඇළ මාර්ගයක් තැනීමේ සේතු සමුද්‍රම් ව්‍යාපෘතියට එරෙහිව ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ රාම් සේතු පාලමට හානියක් සිදුනොකරන බව ඉන්දීය රජය දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් අදාළ පෙත්සම කඩිනමින් සලකා බැලීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කෙසේ නමුත් රාම් සේතු පාලමට හානියක් සිදුවන්නේ නම් නැවත තමන් වෙත පැමිණෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය භාරතීය ජනතා පක්ෂ නායක සුබ්‍රමනියම් ස්වාමිට දැනුම් දී තිබෙනවා.