ළමා සැකකරුවන්ට සළකන හැටි - හිරු CIA

Friday, 05 February 2016 - 13:04

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+-+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+CIA
අවිස්සාවේල්ලේ සිට පිටකොටුව බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක්. එහි අසුන් දෙකක් වෙන්ව තිබුණේ මාංචු දමා රැගෙන යන රැදවියන් දෙදෙනෙකුට හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුටයි.
 
මෙහි විශේෂත්වය වන්නේ ප්‍රසිද්ධියේ ගෙන යනු ලබන මෙම එක් අයෙකු වයස අවුරුදු 17ක ළමා සැකකරුවෙකු වීමයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව වයස අවුරුදු 18කට අඩු අයවලුන් ළමයින් ලෙස අර්ථ දැක්වෙනවා. ඒ අනුව ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිවන පරිදි මෙලෙස ප්‍රසිද්ධියේ ගෙනයාම මෙන්ම අනෙකුත් සැකකරුවන් සමඟ මුසු කිරීම නීතියට අනුව පටහැනි ක්‍රියාවක්.

අප ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරියාගෙන් මෙලෙස ප්‍රශ්න කළා.

-    මේ පොඩි එක්කෙනෙක් කොහෙද අරගෙන යන්නේ ?
-    ක්ලිනික් එකට ගෙනියන්නේ.

-    බන්ධනාගාර යුනිෆෝම් එකේ පාට ඇඳුමක් අන්දලා තියෙන්නේ ඇයි ළමයට ?
-    ඒ බොස්ටල් එකේ ළමයෙක්.
-    අවුරුදු 16යි අවුරුදු 21යි  අතරෙ ළමයින්ට අන්දවනවා.
 
-    කොහෙද බන්ධනාගාරය ?
-    වටරැක බන්ධනාගාරයග

බන්ධනාගාර නිලධාරීන් නුගේගොඩ මංසන්ධියේ සිට පාගමනින් මෙම ළමා සැකකරුවා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන යන අයුරු හිරු CIA  නිරීක්ෂණය කළා.
 
ප්‍රසිද්ධියේ මෙලෙස ළමා රැඳවියන් රැගෙන යාම ඔහුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේද...?
එය මෙම නිලධාරීන් නොදන්නේද...?
 
‘සිරකරුවෝද මනුෂ්‍යයෝය‘ යන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධන තේමාවක්.
 
එහෙත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙවැනි ක්‍රියාකලාපයන් හමුවේ සිදුවන්නේ ළමා අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක් නොවන්නේද ?



ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට
Wednesday, 05 August 2020 - 17:24

ශ්‍රී ලංකාවේ කොරෝනාආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගොස්... Read More