සිසිලියා අධිකරණයට

Friday, 05 February 2016 - 15:10

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ඩුබායි සිට යළි පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත්, වරෙන්තු නිකුත් කර තිබූ ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ බිරිඳ වන සිසිලියා කොතලාවල අද (05) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා සිසිලියා කොතලාවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නා.

ගෝල්ඩන් කී මූල්‍ය වංචාව ඇතුළු කරුණු කිහිපයක්  සම්බන්ධයෙන් ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණා.

ගල්කිස්ස අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඊයේ ඇයව අත්අඩංගුවට ගත් බවයි ආගමන, විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සිසිලියා කොතලාවල පසුගිය කාලය තුළ ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේයි.

ඇය සමග ඇගේ වෛද්‍යවරයෙකු සහ නීතීඥයෙකු ද ලන්ඩනයේ සිට පැමිණ ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගනු ලැබූ සිසිලියා කොතලාවල ඇගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඇය පොලිස් රැකවරණය යටතේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව ආරංචි මාර්ග සඳහන් කළා.



නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More