අලූත් ව්‍යවස්ථාවට යෝජනා 1500ක්

Friday, 05 February 2016 - 15:24

%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+1500%E0%B6%9A%E0%B7%8A
යෝජිත නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීම අද (05) සහ හෙට (06) දිනවලදී කළුතර සහ වව්නියාවේදී සිදුකෙරෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී යෝජිත නව ව්‍යවස්ථාව සඳහා අදහස් විමසීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක සඳහන් කළේ සිවිල් නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිට සිය යෝජනා කමිටුව වෙත ඉදිරිපත් කරමින් සිටින බවයි.

නව ව්‍යවස්ථාව සඳහා මහජනතාවගේ යෝජනා විමසීම මෙම කමිටුව ආරම්භ කළේ පසුගිය 18 වනදායි.

මේ දක්වා ඊට විවිධ යෝජනා 1500 කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

 මේ අතර, නව ව්‍යවස්ථාව සඳහා උතුරු පළාත් සභාවේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පසුගියදා එම පළාත් සභාව පත් කර ගත්තා.

ඒ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන්.

ඊට අමතරව, නව ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කිරීමට දෙමළ ජනතා සභාව නමින් දෙමළ ජනතාව නියෝජනය කරන තවත් සංවිධානයක් ද උතුරේ දේශපාලන නියෝජිතයන් මීට පෙර පත් කරගෙන තිබුණා.

 ලංකාව පුරා ජනතාවගේ යෝජනා ලබා ගැනීමෙන් පසු ඉදිරි මාස කිහිපය තුළදී මෙම කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි