සකර්බර්ග් බිලියන 5 ක් අපේක්ෂාවෙන්

Friday, 05 February 2016 - 16:02

%E0%B7%83%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
2030 වසර වන විට ෆේස් බුක් භාවිත කරන්නන් ප්‍රමාණය බිලියන 5 ක් දක්වා ඉහළ නංවා ගැනීම අපේක්ෂාව බව සුප්‍රකට සමාජ වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසනවා.

ෆේස් බුක් සමාජජාල වෙබ් අඩවියේ 12 වන සංවත්සරයට එක්වෙමින් ඔහු ප්‍රකාශකර ඇත්තේ ලොව සෑම පුද්ගලයෙක් අතරම සම්බන්ධතා ඇති කිරීම අපේක්ෂාව බවයි.

ඊට සෑම රටකම රජයන්ගෙන් මෙන්ම සමාගම්වලින් සහය අපේක්ෂා කරන බව ද ෆේස්බුක් නිර්මාතෘවරයා සඳහන් කර තිබෙනවා.

2030 වසර වන විට බිලියන 5 ක් ෆේස් බුක් භාවිත කලහොත් එය ලොව සමස්ත ජනගහණයෙන් සියයට 60 ක් පමණ වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවලට අනුව 2030 වසර වන විට ලොව සමස්ත ජනගහණය බිලියන 8.5 කට වැඩි සංඛ්‍යාවක් වනු ඇති.

තම අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සරණාගත කඳවුරුවලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට ද ෆේස් බුක් සමාගමේ අපේක්ෂාවක් වනවා.


ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More

ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More