ජගත් මානව හිමිකම් කොමසාරිස් දිවයිනට

Saturday, 06 February 2016 - 7:38

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

පෙරවරු 8.25 ට මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඇතුලු දුත පිරිස රැගත් ගුවන් යානය කටුනායකට ළගාවු බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
සෙයිද් අල් හුසේන් කුමරු සමග දුත පිරිස 6 දෙනෙකු පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සඳහා විදේශ අමාත්‍යංශ නිළධාරීන් ගුවන් තොටුපලට පැමිණ සිටි බව සඳහන්.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙරට රජය සිදුකළ ආරාධනයට අනුවයි.

සිය සංචාරය අතරතුර ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම අනෙකුත් රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

ඊට අමතරව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා යාපනය, ත්‍රිකුණාමලය සහ මහනුවර ද සංචාරය කරනු ඇති.  

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමේදී පවතින අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ජිනීවා නුවර ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝම්බර් පළමුවැනිදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විමසා බලනු ඇති.

සිය සංචාරය ආරම්භ කරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු කොළඹ දී අද උදෑසන මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන්නා.

 ‘‘මෙය මගේ පළමු ශ්‍රී ලංකා චාරිකාවයි. සංචාරයේදී මම රජයේ ඉහළම පෙළේ නියෝජිතයන් සමඟ මෙන්ම සියලූ පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම්. එමෙන්ම එම සියලූ කොටස්වලට පවසන්නට ඇති දේට සවන්දීමටයි මම පැමිණ සිටින්නේ. ඉදිරි දින කිහිපය තුළදී එම සියලූ පාර්ශවයන් සමඟ ඵලදායී සංවාදයක යෙදීමට මම අපේක්ෂා කරනවා.’’