පානදුර සහ මුතුරාජවෙල නිවාස දෙකක් ගිනි ගනී

Saturday, 06 February 2016 - 8:15

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පානදුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හට ගත්තා.

පසුව පොලීසිය, විදුලිබල මණ්ඩලය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව ඇති අතර ජීවිත හානි සිදුව නැහැ.

මේ අතර, පමුණුගම - මුතුරාජවෙල ප්‍රදේශයේ නිවසක ද ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න ද නිවා දමා ඇති අතර, කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.