ඉන්දු ලංකා ගිවිසුමට ඇති විරෝධතා සලකා බලන්න සූදානම්

Saturday, 06 February 2016 - 12:50

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
නිළ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් අද දහවල් හිටපු ජනාධිපතිනී චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ එහිදී දෙරටට වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවයි.

ඊට අමතරව ඉන්දීය විදේශ අමාත්‍යවරිය අද සවස මෙරට දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු ද හමුවනවා.

සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් අද සවස ඇය ඉන්දියාව බලා පිටත්වනු ඇති.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරිය අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ඉන්දීය ප්‍රදර්ශනයකට එක්වුණා.

එම ප්‍රදර්ශනය නම් කර තිබුණේ ‘‘ඩිජිටල් ඉන්දියාවේ නැගිටීම’’ ලෙසයි.

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 9 වන සැසි වාරයට ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් ඊයේ සහභාගි වුණා.

එහිදී ඇය සදහන් කර ඇත්තේ යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් ප්‍රකාශිත කරුණු පිළිබදව අවධානය යොමු කිරීමට සූදානම් බවයි.

2013 වසරෙන් පසු ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම ප්‍රථමවරට රැස්වූයේ ඊයේ දිනයේදියි.

යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ වැඩමුළුවක් මේ මාසය තුළ කොළඹ දී පැවැත්වීමට ද ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය යෝජනා කළා.

යෝජිත ගිවිසුම මගින් මෙරට වෘත්තිකයන්ගේ රැකියා අවදානමට ලක්වන බවට චෝදනා එල්ල වීම ඊට හේතුවයි.