ජාතික ආණ්ඩුවේ විප්ලවයක්, අගමැති හෙළි කරයි

Saturday, 06 February 2016 - 19:28

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජාතික ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රටේ 4 වන විප්ලවය සිදුකිරිම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුලියාපිටිය ප්‍රදේශයේ අද (06) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත හමුවකට එක්වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කර සිටියේ 1948 - 56 සහ 77 රටේ මීට පෙර විප්ලව තුනක් සිදුවුණු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් පොල් ගැසීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළා.

ආණ්ඩුවේ කටයුතු අඩපන කරමින් බංකොලොත් දේශපාලනයක නිරත වන කණ්ඩායමක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.