රහසිගත ලිපියක්

Monday, 08 February 2016 - 7:22

%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා යෝජනා ක්‍රියාත්මක කර ගැනීමට බටහිර රටවලට සහ ඉන්දියාවට ආණ්ඩුවෙන් රහසිගත ලිපියක් යවා ඇති බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා. ඒකාබද්ධ විපක්ෂය කොළඹ ඊයේ (07) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වන විට මෙරට සංචාරයක නිරත මානව හිමිකම් කොමසාරිස්වරයාට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ අත්සනින් යුත් සංදේශයක් භාරදීමට ද නියමිත බවයි.

 
මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරට අභියෝගයක් එල්ල කළා. ඒ, මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන ලෙසටයි.