අර්ජුන මානව හිමිකම් කොමිසමට

Monday, 08 February 2016 - 13:55

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පසුගියදා පැවති ක්‍රිකට් නිලවරණයට එරෙහිව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා.

අද පස්වරුවේ මෙම පැමිණිල්ල ගොනුකරන බවයි වරාය හා නාවික අමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

පසුගියදා 3 වනදා පැවති ක්‍රිකට් නිලවරණයට අමාත්‍ය අර්ජුන රණතුංග ඉදිරිපත් වුණේ ක්‍රිකට් උප සභාපති ධුරය සඳහායි.

එම ධුරයට ජයන්ත ධර්මදාස සහ කේ මතිවාදන් ද තරඟ කළ අතර ඔවුන් පිළිවෙලින් ඡන්ද 102 ක් සහ 90 ක් හිමිකර ගත්තා.

අමාත්‍ය අර්ජුන රණතුංගට එහිදී හිමිවූයේ ඡන්ද 80 ක් පමණයි.