බැරක් ඔබාමා කණස්සල්ලෙන්

Monday, 08 February 2016 - 15:28

%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ධවල මන්දිරය සම්පූර්ණයෙන්ම වයිෆයි තාක්ෂණයෙන් ආවරණය නොවීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා කණස්සල්ල පළ කර තිබෙනවා.

එරට CBS නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ලොව ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලක ඇති මෙම දුර්වලතාවය සුළුවෙන් තැකිය නොහැකි බවයි.

මේ අතර බැරක් ඔබාමාගේ දියණියන් දෙදෙනා වන ෂාසා සහ මාලියා ද තමන්ගේ දෛනික කටයුතුවලට ද මෙය බාධාවක් වී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.