හම්බන්තොට වරාය සංචාරක කර්මාන්තයට තෝතැන්නක්-(ඡායාරූප)

Monday, 08 February 2016 - 16:02

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9D%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට වරාය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට තෝතැන්නක් ලෙස යොදාගත හැකි බව රොටර්ඩෑම් නෞකාවේ කපිතාන් මාර්කෝ කාර්ස්ජෙන්ස් පවසනවා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය වෙත ඊයේ දිනයේ පැමිණි රොටර්ඩෑම් නෞකාව මෙතෙක් එම වරායට පැමිණි අධිසුඛෝපභෝගී නෞකා අතුරින් විශාලතම නෞකාව ලෙසයි සැලකෙන්නේ.

හම්බන්තොට වරායට එන නෞකාවලින් පැමිණෙන සංචාරකයින්ට යාල ජාතික වනෝද්‍යානයේ සහ දකුණු ප්‍රදේශයේ වෙරළතීරයේ පහසුවෙන්ම සංචාරය කිරීමේ හැකියාව පවතින බවයි කපිතාන්වරයා පෙන්වා දෙන්නේ.

හොලන්ඞ් ඇමරිකා ලයින් සමාගමට අයත් රොටර්ඩෑම් නෞකාවේ මගීන් 1176 දෙනෙකු පැමිණි අතර අද උදෑසන එම නෞකාව හම්බන්තොට වරායෙන් පිටත් වුණේ ඔවුන්ගේ මීළඟ නැමතුම් ස්ථානය වන මියන්මාරයේ තල්ලාවා වරාය වෙතයි.






ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට
Wednesday, 05 August 2020 - 17:24

ශ්‍රී ලංකාවේ කොරෝනාආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගොස්... Read More