එක් තනුවකට භාෂා දෙකකින් ගායනය වරදක් නෑ

Monday, 08 February 2016 - 19:57

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91
නිදහස් උළෙලේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම පිළිබඳව සමාජයේ විවිධ කතාබහට ලක්වනවා.

අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී ද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිළ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ගීය එක් තනුවකට ගායනය කිරීමේදී භාෂා දෙකක් භාවිතා කිරීම වරදක් නොවන බවයි.

ඒ අනුව ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම වරදක් නොවන අතර කෙසේ වුවත් ආණ්ඩුව ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම තුළින් දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න විසදන බවට පෙන්වීම වැරදිසහගත බවයි ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කළේ.