ඥාණසාර හිමි වෙනුවෙන් හෝමාගම විශේෂ ආරක්‍ෂාවක්

Tuesday, 09 February 2016 - 12:12

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට හා අවට ප්‍රදේශයටද මේ වනවිට විශේෂ ආරක්‍ෂාවක් යොදවා තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක සාමාජිකයින් 200ක් පමණ යොදවා ඇති බවයි අප වාර්තාකරු  පවසන්නේ.

ජල බවුසර් සහිත කැරලි මර්දන කණ්ඩායම් එහි ගෙන්වීමේ සූදානමක්  පවතින බවද  ආරංචි මාර්ග පවසයි.  

බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (09) යළි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කෙරෙනවා.

 කොළඹ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන උන්වහන්සේ විශේෂ පුහුණුවලත් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත කැටුව යනු ඇති.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබූ පූජ්‍ය  ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ  පසුගිය  26 වනදායි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 28 ගොනුකළ මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කළා.

නීතීඥයෙකු මාර්ගයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම මෝසම ගොනු කර තිබුණා. මෝසම ඉවත දමමින් මහේස්ත්‍රාත් රංග දිසානායක  ප්‍රකාශ කළේ තම හිසට පිස්තෝලයක් තැබුවද තමාදුන් නියෝග වෙනස්  නොකරන බවටයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩුව පසුගිය 25 වනදා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා.

එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් ද පැමිණ සිටියා.

නඩු විභාගයෙන් අනතුරුව ඥානසාර හිමියන් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී අධිකරණ කටයුතුවලට බාධාවන පරිදි දේශනයක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

අධිකරණයට ඉදිරිපත් කළ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

එදින අධිකරණ භූමියට පැමිණ ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඥාණසාර හිමියන් බන්ධනාගාරය වෙත රැගෙන යාමට එල්ල වූයේද දැඩි බාධාවක්.

මේ අතර ජූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට ත්‍රීරෝද රථ රියදුරෙකු ද පොලීසිය විසින්   අත්අඩංගුවට ගත්තා.



\
Tuesday, 07 July 2020 - 12:13

මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, ටෙලිවිෂන් ඉතිහාසයේ... Read More

සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් සිදු... Read More