සිසිලියා කොතලාවල 23 දක්වා රිමාන්ඩ්

Tuesday, 09 February 2016 - 10:57

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+23+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ බිරිඳ වන සිසිලියා කොතලාවල රක්ෂිත බන්ධනාගාරගත කරයි. ඇය විදේශගතව සිට පැමිණෙද්දී කටුනායකදී පසුගිය 4 වනදා අත්අඩංගුවට ගැනිණි. ඇය ලන්ඩනයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණ තිබුනා. සිසිලියා කොතලාවල පසුගිය කාලය තුළ ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේයි. ඇය සමග ඇගේ වෛද්‍යවරයෙකු සහ නීතීඥයෙකු ද ලන්ඩනයේ සිට පැමිණ ඇත. ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සිසිලියා කොතලාවල වැඩිදුර විමර්ශණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

කරුණු කිහිපයක්  සම්බන්ධයෙන් ඇයට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණා.

ගල්කිස්ස අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඇයව අත්අඩංගුවට ගත් බවයි ආගමන, විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අත්අඩංගුවට ගනු ලැබූ සිසිලියා කොතලාවලගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඇය පොලිස් රැකවරණය යටතේ රෝහල්ගත කෙරුනා.  

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති, ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ බිරිද වන සිසිලියා කොතලාවල කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහල ඊයේ (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

අවශ්‍ය නම් ඇය එම රෝහලේ වෙනත් වාට්ටුවකට හෝ වෙනත් රෝහලකට මාරු කිරීමේ හැකියාව පවතින බවයි අදාළ රෝහල අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ තවදුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් සිසිලියා කොතලාවල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාව කොළඹ ජාතික රෝහලට මාරු කර යවන ලෙසයි.

ඒ පිළිබඳව අවසන් තීන්දුව ලබන  11 වැනිදා ලබා දෙන බවයි මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා  සිටියේ.

එෆ් ඇන්ඩ්  ජී සමාගමේ මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වු පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.