TMVP පක්ෂ ලේකම් යළි රිමාන්ඩ්

Tuesday, 09 February 2016 - 14:46

TMVP+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මඩකලපුව - කාන්තන්කුඩි ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ටී.එම්.වී.පී. පක්ෂයේ ලේකම් පී. ප්‍රිශාන්තන් ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔහු අද මඩකලපුව මහේස්ත්‍රාත් එස්. කනේසරාසා හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදියි.

මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ කාන්තන්කුඩි - ආරයම්පති ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් ගුරුවරයෙක්.