පාර්ලිමේන්තුව උණුසුම් (ඡායාරූප)

Tuesday, 09 February 2016 - 15:01

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව ඉල්ලා සිටීමත් සමඟ අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන යන මන්ත්‍රිවරුන් එහිදී අදහස් දැක්වූ අතර, අනතුරුව අග්‍රාමාත්‍යවරයාද ඊට මැදිහත්වුණා.

කථානායකවරයා මෙහිදී කියා සිටියේ මන්ත්‍රීවරුන්ට අදාළ වරප්‍රසාද ලබාදීමට තමන්ට කටයුතු කළ හැකි නමුත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ලබාදිය නොහැකි බවයි.

එය එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ විසඳාගත යුතු ප්‍රශ්නයක් බවද කථානායකවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට  පැමිණ විරෝධතාවයේ නිරතවූ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සභා ගර්භයට මැදට පැමිණ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තම විරෝධය පළ කර තිබුණා.

මේ වනවිට පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් තබා තිබෙනවා.






ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 07 July 2020 - 11:30

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

මසුන් මැරීමට ගිය තුන් දෙනෙකුගේ යතුරුපැදි 3ක් ගිනිබත් කෙරේ
Tuesday, 07 July 2020 - 11:02

හොරොව්පතාන නගරයේ පිහිටා ඇති වැවේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයින්... Read More