Update: ඇප හිමිවු ඥානසාර හිමියන් යළි රිමාන්ඩ්

Tuesday, 09 February 2016 - 15:56

Update%3A+%E0%B6%87%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%94+%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළව අද ඇප හිමිවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් යළිත් වරක් හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

හෝමාගම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක එම නියෝගය නිකුත් කළේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සිද්ධියට  අදාළවයි.

එම නඩුවද අද පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි අද මුදාහැරුණේ.

පසුගිය 26 වන දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීමට අදාළ නඩු විභාගයට ගනු ලැබුවා.

නඩු විභාගයෙන් අනතුරුව  අධිකරණයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම මතයි උන්වහන්සේ පසුගිය ජනවාරි 25 වනදා අත්අඩංගුවට ගෙන අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය 28 වනදා ගොනුකළ මෝසමක් අධිකරණය ප්‍රතික්ෂේප කළා.  

එසේම සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව උන්වහන්සේට එරෙහිව තවත් නඩුවක් ගොනුකර තිබූ අතර එය යළි හෙට විභාගයට ගන්නා තුරු ඥාණසාර හිමියන් අද නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණා.

අද දිනයේදීද හෝමාගම අධිකරණ පරිශ්‍රයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අතර පොලිස් කැරළි මර්ධන ඒකකය මෙන්ම ජල ප්‍රහාරක රථද එහි ස්ථානගත කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්ද අවට රැඳී සිටියා.

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ දිනයේදී හෝමාගම අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ තවත් හිමිනමක් ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 




Tuesday, 09 February 2016 - 17.48

---------------------------------------------------------------------------------

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කර තිබෙනවා.

රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ නිදහස් කරන ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

ඥානසාර හිමියන් ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ දැඩි කොන්දේසි මතයි.

මාධ්‍යයට අදහස් දැක්වීම වැලැක්වීම ඇතුලු කොන්දේසි කිහිපයක් ඊට අයත්.








කලාවැව, බළලු වැවේ පුද්ගල මළසිරුරක් (වීඩියෝ)
Thursday, 16 July 2020 - 19:05

කලාවැව, බළලු වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ගල්කිරියාගම... Read More

පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයන්ට නීතිය දැඩි වෙයි
Thursday, 16 July 2020 - 18:32

පදික වේදිකාවේ සහ වාහන නතර කිරීම තහනම් කර ඇති ස්ථානවල වාහන... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2682ක් දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 17:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2682ක් දක්වා... Read More