කථානායක අපිට තරු පෙන්නුවා

Wednesday, 10 February 2016 - 7:48

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%8F
කථානායකවරයාගේ වත්මන් ක්‍රියාකලාපය නිසා තමන්ට තිබූ සියලූ නැවුම් බලාපොරොත්තු බිඳී ගිය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පළාත්පාලන ඡුන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීමේදී  ඊයේ පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඉන් පසුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හදිසි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ අදාළ සම්මත කරගැනීම නීතිවිරෝධී බව පැවසීමටයි.

කෙසේ වෙතත් එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව තුළ තමන්ට හිමි අවස්ථාව නොලැබෙන බවයි.

පාර්ලිමේන්තුවේදී නිසි තැන ලබා  නොදෙන්නේ තමන් ආණ්ඩුවට අවනත කරගැනීමට බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල කියා සිටියේ.


හොරකම් වහගන්න ETI සමාගම ලක්ෂ 1130ක් ගෙවූ බව හෙලිවේ
Thursday, 16 July 2020 - 19:56

ඊ.ටී.අයි. ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා හෙළිවීම වැළැක්වීම සඳහා... Read More

අඟුලාන පොලිසිය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු  13ක් අත්අඩංගුවට
Thursday, 16 July 2020 - 19:38

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන්... Read More

රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
Thursday, 16 July 2020 - 19:34

රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස කිරීමේ... Read More