පිල්ලෙයාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 10 February 2016 - 11:01

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මේ මස 24 වැනිදා දක්වා අද යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු මඩකලපුව මහෙස්ත්‍රාත් එම්. ගනේෂරාජා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තොම්බර් මස 09 වැනිදායි.