ට්‍රම්ප් බර්නි ඉදිරියට

Wednesday, 10 February 2016 - 13:35

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
2016 වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණ සටනට රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂවලින් තරඟ කරන අපේක්ෂකයන් තේරීමේ කටයුතු මේවනවිට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

ප්‍රාන්ත ජන්ද විමසීම්වලින් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් පත් කළ යුතු බවට වැඩි පිරිසක් මත පළ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නිව් හැම්ෂයර් ප්‍රාන්ත ජන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවටත් ඩිමොක්‍රටික් පක්ෂයෙන් බර්නි සැන්ඩර් පත් කළ යුතු බවටත් ප්‍රකාශ වී තිබෙනවා.

දැනට ජනාධිපතිවරණ අපේක්ෂයන් තේරීම සඳහා පැවති ප්‍රාන්ත ජන්ද විමසීමකදී බර්නි සැන්ඩර් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. ඔහු සමඟ කරට කර තරඟයක් දීමට ඉදිරිපත්ව ඇත්තේ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්.

මීට පෙර අයෝවා  ප්‍රාන්තයේ පැවති ජන්ද විමසීමේදී හිලරි ක්ලින්ටන් ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතු බවට ජනතා ජන්දය ලබාදී තිබෙනවා.

මේ අතර ප්‍රධාන පක්ෂ දෙකේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තේරීමේ මීලඟ ජන්ද විමසීම දකුණු කැරොලිනා සහ නෙවාඩා ප්‍රාන්තවල පැවැත්වීමට නියමිතයි.