Update: සියඹලා කඩන්න ගිය දරුවාගේ ඝාතකයා ගෙළ වැළලාගෙන ?

Wednesday, 10 February 2016 - 11:47

Update%3A++%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%3F
අපයෝජනයට ලක් කර ඝාතනය කර ඇති බවට සැකකෙරෙන 15 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් රත්නපුර - පැල්වාඩිය - ගල්හින්න ප්‍රදේශයේ පාළු මඩුවක තිබී අද (10) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

ඊට ආසන්නයේ ඇති ළඳු කැළෑවක ගසක එල්ලී සිය දිවි හානි කර ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද පොලිසිය සොයා ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

රත්නපුර - මාරපන මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ගල්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පිරිමි දරුවා ඊයේ පස්වරුවේ සියඹලා කැඞීම සඳහා නිවසින් පිටවගොස් තිබෙනවා.

එහෙත් ඔහු නැවත නිවසට නොපැමිණීම නිසා දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කළේ ඉන් අනතුරුවයි.

අද උදෑසන නිවස ආසන්නයේ ඇති පාලූ මඩුවක තිබී දරුවාගේ මළ සිරුර පියා විසින් සොයා ගෙන ඇති අතර, ඉන් අනතුරුව ඊට යාබද කැලෑබද ප්‍රදේශයේ තිබී අනෙක් මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

මොහු දරුවගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයා බවට සැකකරන බවයි එහි සිටින ප්‍රදේශයේ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.





Update: Wednesday, 10 February 2016 - 14-12
-------------------------------------------------------------------

රත්නපුර ප්‍රදේශයේ ගල්ඉන්න මාරපන දළු මඩුවක කාමරයක තිබි පිරිමි ළමයකුගේ මල සිරුරක්  අද උදදෑසන හමු වී තිබෙනවා.

වයස අවුරුදු 15 ක වයසැති මෙම ළමයාගේ දෙඅත් රෙදි පටියකින් ගැට ගසා තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

රත්නපුර පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.