මියගොස් ඇත්තේ ප්‍රින්ස් කොලම්ගේ පිරිසක්

Wednesday, 10 February 2016 - 12:57

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
වැල්ලම්පිටියේ ත්‍රිත්ව ඝාතනයට හේතුව පාතාල කල්ලි දෙකක් අතර පවතින අර්බුදයක් බවට අනුමාන කළ හැකි තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා.

එම ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු කියා  සිටියේ මූලික විමර්ශණවලදී ඝාතකයන් සහ මියගිය පුද්ගලයන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.

නම ගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ප්‍රින්ස් කොලම් නැමැත්තාගේ සමීපතමයන් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබූ ප්‍රින්ස් කොලම් නමැත්තා පාතාල කල්ලි අතර ඇති වූ ගැටුමකදී 2007 වසරේදී මියගියා.

ඊයේ රාත්‍රී 11යි 55ට පමණ වැල්ලම්පිටිය ගෙවල් 20 ප්‍රදේශයේ නිවසක් තුල සිටි තුන්දෙනෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා තිබුණා.

තුවාලකරුවන් බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය අතර ඔවුන් අවුරුදු 19, 24 සහ 49 යන වයස්වල පසුවන්නන්.