ඇඹිලිපිටිය සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණ තීන්දුව කල් යයි

Wednesday, 10 February 2016 - 15:37

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පොලීසිය සමඟ ඇතිවූ ගැටුමකදී මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 17 වනදා දක්වා කල් තැබුණා.

ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු එම නියෝගය නිකුත් කළේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට නොලැබීම හේතුවෙන්.

මරණ පරීක්ෂණයේදී 12 දෙනෙකු සාක්ෂි ලබාදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්ලිව්.සී. ධර්මරත්න මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවනවා.