ඉන්දීය ධීවරයින් 12ක් අත්අඩංගුවට-(ඡායාරූප)

Thursday, 11 February 2016 - 10:12

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+12%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 12 දෙනෙකු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ප්‍රකාශ කළේ  තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ මුහුදු තීරයේදී මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට  ගෙන තිබෙනවා.

සැකකරුවන් අද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමටද නියමිතයි.