නිවසින් අතුරුදන්වු 17 හැවිරිදි දැරිය ගණිකා සේවයේ

Thursday, 11 February 2016 - 12:30

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+17+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
බාලවයස්කාර දැරියන් බලහත්කාරයෙන් රඳවාගෙන ඔවුන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක් මහනුවර පොලිසිය විසින් වටලා තිබෙනවා.

මහනුවර ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණි පුද්ගලයකු පැමිණිලි කර ඇත්තේ මාස 3 කට පෙර නිවසින් අතුරුදන්වු තම 17 හැවිරිදි දැරිය මහනුවර ප්‍රදේශයේ ගණිකා නිවාසයක සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම තොරතුරු මත මහනුවර පොලිසිය අදාළ ස්ථානයට ගොස් කල විමර්ශණයකදී රහසිගත කාමරයක රඳවා සිටි බාල වයස්කාර දැරිය මෙන්ම ගණිකා වෘත්තියේ යොදවා සිටි 30 හැවිරිදි කාන්තාවක් ද හමුවී තිබෙනවා.

අදාළ දැරියගේ සහ කාන්තාවගේ පහස ලබාගැනීමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකු සහ අදාළ ගණිකා නිවාසය කළමණාකරණය කල පුද්ගලයා ද අත්අඩංගුවට පත්වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

අත්අංඩගුවට පත්වු දැරිය පොලිසිය හමුවේ ප්‍රකාශකර ඇත්තේ මහනුවරදී හඳුනාගත් කාන්තාවක් රැකියාවක් ලබාදෙන මුවාවෙන් තමා මෙම ස්ථානයට රැගෙන ආ බවයි.

අනතුරුව එහි සිටි පිරිස් තමාට තර්ජනය කර බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා මහා පරිමාණයෙන් මුදල් ලබාගත් බවටයි ඇය හෙළිකර ඇත්තේ.

පසුගිය දිනක තම පහස ලබාගැනීමට පැමිණි පුද්ගලයකුට තමාට අත්ව ඇති ඉරනම පිළිබඳ හෙළි කිරීමෙන් පසු ඔහු මාර්ගයෙන් තම පියාට තොරතුරු ලබාදුන් බව ද අදාළ 17 හැවිරිදි දැරිය ප්‍රකාශකර තිබෙනවා.

ඇය අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයෙන් පළායාමට උත්සාහ කල ද එම ස්ථානයේ ඇති දැඩි රැකවල් හමුවේ එම උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.

මීට පෙර ද මෙම ගණිකා නිවාසයේ බාලවයස්කාර දැරියන් ගණිකා සේවයේ යොදවා ඇතැයි තොරතුරු ලැබී අතර ඒ සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.