යාපනයේ සරසවියේ සිසු ගැටුමක්

Friday, 12 February 2016 - 9:12

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ගැටුමක් ඇති වී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ ශිෂ්‍යයන් තුන් දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තෙවන වසරේ සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් දෙවන වසරේ සිසුන් පුස්තකාලයේ අලවා තිබූ බව කියන දැන්වීමක් මෙම ගැටුමට මුල් වී ඇති බවයි හිරු යාපනය වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත්, සිද්ධියෙන් තුවාල ලැබූ එක් සිසුවෙකු තවමත් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.