ජනවාරි මාසයේ ඩෙංගු මරණ 8 ක්

Friday, 12 February 2016 - 10:23

%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+8+%E0%B6%9A%E0%B7%8A
පසුගිය මාසයේදී ඩෙංගු මර්ණ 8 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.  

වාර්තාවි ඇති රෝගීන් සංඛ්‍යාව 500ක්.

කීට විද්‍යා සමීක්ෂණයන්ට අනුව අනාවරණ වී ඇත්තේ පාසල් වලින් සියයට 54ක් - ගොඩනැගිලි හා ඉදිකිරිම් ස්ථාන වලින් සියයට 36 ක් සහ ආගමික ස්ථානවලින් සියයට 40 ක මදුරු කීටයන් බෝවීමේ අවධානම පවතින බවයි.

මේ අතර බස්නාහිර පළාත ද ඇතුළත් ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික් 07ක ඊයේ(11)  සිට හෙට (13) දක්වා  ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවෙනවා.

ඒ අනුව මේ වන විට ඩෙංගු රෝගින් වැඩිපුරම වාර්තා වී ඇති බස්නාහිර පළාත තුළ සහ ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක වන කෑගල්ල - යාපනය - වවුනියාව - පුත්තලම -මඩකළපුව - කුරුණෑගල සහ අම්පාර දිස්ත්‍රික්ක තුල එම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ පොලිසිය- ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ වල සහය ද වැඩසටහන සාර්ථක කරගැනිමට එක්ව ඇති බවයි.



රනිල්ගේ මනාප ප්‍රශ්නය
Thursday, 06 August 2020 - 22:28

එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ 5%ක ඡන්ද ප්‍රතිශතයක්... Read More

පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ඇති බව ජනපති පවසයි
Thursday, 06 August 2020 - 22:16

මේ වන විට ප්‍රකාශිත නිළ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා... Read More

හම්බන්තොට ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 22:13

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය මේවන විට ප්‍රකාශයට... Read More