අවුන්සාන් සුකීට පොලිස් ආරක්ෂාව

Friday, 12 February 2016 - 11:05

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B7%93%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
මියන්මාරයේ දේශපාලන බලය හිමිකරගෙන සිටින ප්‍රජාතන්ත්‍රය සදහා වූ ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකීට පොලිස් ආරක්ෂාව ලබාදීමට එරට පොලිස් ප්‍රධානියා ප්‍රථම වරට තීරණය කර තිබෙනවා.

ඒ ඇයට එල්ල වී ඇති මරණ තර්ජන සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. හමුදා පාලනය යටතේ වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිටි අවුන්සාන් සුකීට මියන්මාරයේ ජනාධිපති ධුරය හිමිකර ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් දැන් සකස් කරමින් පවතිනවා.

ඉන් අනතුරුවයි ඇයට මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇත්තේ. පසුගිය නොවැම්බරයේ පැවති මියන්මාර මහමැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ දේශපාලන පක්ෂය පැහැදිලි ජයග්‍රහණයක් අත්කර ගත්තා.