තේජාස් ගන්න ශ්‍රී ලංකාව උනන්දුවෙන්

Friday, 12 February 2016 - 14:51

%E0%B6%AD%E0%B7%9A%E0%B6%A2%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඉන්දියාවේ නිෂ්පාදිත තේජාස් සැහැල්ලූ ප්‍රහාරක ගුවන් යානා ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

එම බහුකාර්ය ප්‍රහාරක යානය නිෂ්පාදනය කර ඇත්තේ හින්දුස්ථාන් ඒරෝනොටික්ස් සමාගම විසින්.

එය පසුගියදා පැවති බහරේන් ජාත්‍යන්තර ගුවන් ප්‍රදර්ශනයේදී සිය හැකියාවන් ප්‍රදර්ශනය කළ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකාව එහි අනාගත ගැණුම්කරුවෙකු වනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් පුවත්පත සඳහන් කළා.

චීන සහ පාකිස්තාන ඒකාබද්ධ නිෂ්පාදනයක් වන ජේ.එෆ්. 17 හෙවත් තන්ඩර් බහුකාර්ය ප්‍රහාරක යානය ශ්‍රී ලංකාව මිලදී ගැනීමට සැරසෙන බවට මීට පෙර වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් චන්දිම අල්විස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ බහුකාර්ය ප්‍රහාරක යානයක් මිලදී ගැනීම සඳහා ගුවන් හමුදාව සැලසුම් කරන බවයි.

ඒ සඳහා තේජාස්, තන්ඩර් ඇතුළු සියලූ සැහැල්ලූ ප්‍රහාරක යානා ඇගයීමකට ලක් කෙරෙනවා.

කෙසේ නමුත්, එලෙස මිලදී ගන්නා ප්‍රහාරක යානය පිළිබඳව ලක් රජය හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙතෙක් අවසන් තීරණයකට එළැඹී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.