හිටපු පොල් ඇමති අදත් ජනපති කොමිසමට

Friday, 12 February 2016 - 14:55

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ඌව පළාත් ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අද (12) යළිත් බරපතල වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ පොල් සංවර්ධන මණ්ඩලයේ රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණ වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද අද බරපතල වංචා හා දුෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කැදවා තිබෙනවා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය කළ දැන්වීම් සඳහා මුදල් නොගෙවීමේ සිද්ධිය පිළිබද අවසන් වටයේ සාක්ෂි කැඳවීම ලබන 18 වනදා ආරම්භ වනවා.

එදින සිට දින 4 ක් පුරා මෙම සාක්ෂි කැදවීම සිදුකිරීමට නියමිත අතර, එහිදී වැඩි අවස්ථාවක් චෝදනාව එල්ල වන පාර්ශවයට ලබාදීමටයි කොමිසම තීරණය කර ඇත්තේ.

එම දින 4 අවසානයේදී ස්වාධීන රූපවාහිනි සිද්ධිය පිළිබඳ බරපතල වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසමේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.