අවසාන විනිශ්චය දේශීය අධිකරණ යාන්ත්‍රණයකින් පමණයි

Saturday, 13 February 2016 - 8:05

%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%BA+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ දේශීය පරීක්ෂණය සඳහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගත්ත ද එහි අවසාන විනිශ්චය දේශීය අධිකරණ යාන්ත්‍රණයකින් පමණක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදී ප්‍රකාශ කළා.

දකුණු ඉන්දියාවේ ගුරුවායර් හි ශ්‍රී ක්‍රිෂ්ණා දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දේශීය පරීක්ෂණය සඳහා ජාත්‍යන්තරයේ සහභාගීත්වය පිළිබඳ ගැටළුවක් නොමැති බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇති බව සදහන්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවලට මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ මානව හිමිකම් සංවිධානවලට ද මෙරට යුද්ධය පිළිබද පරීක්ෂණයේ සාකච්ඡා සඳහා එක්විය හැකි බවයි.

යුද්ධයේදී මිය ගිය සංඛ්‍යාව පිළිබඳ පැහැදිලිභාවයක් නොමැති බවයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. යුද්ධයේ එක් අවස්ථාවකදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සිවිල් වැසියන් යුද කලාපය වෙත රැගෙන යාමෙන් ද සිවිල් වැසියන්ට මරණය අත්වු බවයි.  

එම කරුණු විශ්ලේෂණය කිරීමට තමා විශේෂඥයෙකු නොවන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දේශීය පරීක්ෂණයේදී ඒ පිළිබද සොයා බලන බව සදහන් කළා.

කෙසේ නමුත්, යුද්ධයේදී සිදුවූ බව කියන සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට දඩුවම් පැමිණවිය හැක්කේ දේශීය අධිකරණ යාන්ත්‍රණයකින් පමණක් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේදී අවධාරණය කළේ.