සිරියාව එක්සේසත් කරන බව ජනපති අසාද් කියයි

Saturday, 13 February 2016 - 8:15

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මුළු සිරියාවම යළි එක්සේසත් කිරීමට තමන්ට හැකියාවක් ඇති බව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ඊයේ ප්‍රකාශ කළා.

ප්‍රංශ ප්‍රවෘත්ති සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිරියානු නායකයා කියා සිටියේ කලාපීය බලවතුන්ගේ බලපෑම හේතුවෙන් එම ක්‍රියාවලිය පමා විය හැකි බවයි.

එහෙත් කැරළිකරුවන් පරාජය කිරීමට සියලූ බලයන් යොදවන බව ද ඔහු අවධාරණය කළා.

සිරියානු නායකයා මේ බව කියා සිටියේ සිරියානු රජයේ හමුදා සහ කැරළිකරුවන් අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කොට පැය 24ක් ගතවීමට පෙරයි.

කෙසේ නමුත්, සටන් විරාමය යනු ත්‍රස්තවාදීන්ට එරෙහි සටන නතර කිරීමක් නොවන බව ජනාධිපති අසාද් අවධාරණය කරනු ලැබුවා.

සිරියානු කැරළිකරුවන්ට තුර්කියේ සහ සෞදි අරාබියේ සහාය ලැබෙන බවට ද ඔහු මෙහිදී චෝදනාවක් එල්ල කළා.