වසර දහසකට පසු සිදුවු හමුවීමක්

Saturday, 13 February 2016 - 9:14

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
11 වන සියවසේ දී නැගෙනහිර සහ බටහිර ක්‍රිස්තියානි නිකායන් බෙදුණු පසු ශුද්ධෝත්තම පාප් වහන්සේ රුසියානු සධාර්මික ක්‍රිස්තියානි නිකායේ නායක පේටි‍්‍රයාච් කිරිල් ඊයේ මුණ ගැසුණා.

කියුබාවේ හවානා නුවර දී මෙම ආගමික නායකයන්ගේ හමුව සිදුවූ අතර, පාප් වහන්සේ මෙක්සිකෝවට යන අතරතුරයි එහි ළඟා වූයේ.

රුසියානු ක්‍රිස්තියානු නායකයා ද කියුබාවේ, බ්‍රසීලයේ සහ පැරගුවේ රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතයි.

කියුබාවේදී පාප් වහන්සේ සහ පේටි‍්‍රයාච් කිරිල් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර ඇත්තේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ ක්‍රිස්තියානිවරුන් මුහුණ දෙන ගැටළු පිළිබදවයි.

ලොව පුරා බිලියනය ඉක්ම වූ රෝමානු කතෝලික බැතිමතුන්ගේ නායකයා වන පාප් වහන්සේ සහ මිලියන 165ක් පමණ වන රුසියානු සදාර්මික ක්‍රික්තියානිවරුන්ගේ නායකයා අතර මෙම හමුව ඓතිහාසික සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.